නිකමටවත් හිතුනද ගිජුලිහිණියෝ නරක් වෙච්චි මස් කෑවට ඒකෙන් හානියක් වෙන්නෙ නැත්තෙ ඇයි කියල ??
අපේ ආමාශයික යුෂය HCl ( හයිඩ්‍රොක්ලෝරික් ) අම්ලය කියල ඔයාල දන්නව ඇතිනෙ. මේක ගොඩක් ප්‍රභල අම්ලයක්. සමහරු නොකා ඉන්නකොට ගැස්ට්‍රයිටිස් හැදෙන්නෙත් මේ HCl හින්ද. ඒකෙන් ආමාශය තුවාල වෙනව. ගිජුලිහිණියන්ගෙ ආමාශයික යුෂය අපිට වඩා දහ ගුණයකින් ප්‍රභලයි. මේ හින්ද කුණු වෙච්ච මස්වල ඉන්න බැක්ටීරියා විනාශ වෙලා යනව.
හැබැයි මේක විතරක්ම මදි. මොකද ආහාර ආමාශයට යන්නෙ උගුර හරහා. ඉතිං මේ බැක්ටීරියා උගුරෙදි ගුණනය වෙලා විෂ රසායනික නිකුත් කරනව. විෂ රසායනික කියල කිව්වෙ ගොඩක් වෙලාවට එන්සයිම. ඒව බැක්ටීරියාවන්ට වැදගත් උනාට අනිත් අයට විෂ සහිතයි. ඉතිං මේකෙන් බේරෙන්න ක්‍රමයකුත් ගිජුලිහිණියන්ට තියෙනව. ඒ තමයි එයාල ඒ විෂ කෙළින්ම රුධිර සංසරණ පද්ධතියට අවශෝෂණය කරගෙන ප්‍රතිදේහ මගින් විනාශ කරල දාන එක.
No comments:
Post a Comment