Thursday, January 5, 2017
සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 01
ජපාන මුහුදු කැට්ෆිෂ්ල කදිම උපක්‍රමයක් පාවිච්චි කරනව අඳුරු, අපහැදිලි වතුරෙ ඉන්න ගොදුරු අල්ල ගන්න. එහෙම කරන්නෙ pH අගය පාවිච්චි කරල. ජිවත් වෙන ගොදුරක් හොයා ගන්න pH අගය පාවිච්චි කරන වෙන කිසිම මාළුවෙක් ගැන වාර්තාවක් මෙතෙක් නෑ.
මුහුදු පණුවො හුස්ම ගන්නකොට පිටකරන ඒ ඉතා කුඩා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා pH අගයෙ සිද්දවෙන වෙනස්වීම්වලට මේ කැට්ෆිෂ් මාළුවෝ ප්‍රතිචාර දක්වනව. ( ඒක වෙන්නෙ මෙහෙමයි. හුස්ම පිටකරද්දි කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවෙනව. මේ කාබන් ඩයොක්සයිඩ් වතුරෙ දිය උනාම කාබනික අම්ලය හැදෙනව. මේ කාබනික අම්ලය බොහොම අස්ථායී. එයා බලන්නෙම ස්ථායී වෙන්න. ඉතිං එයා එක හයිඩ්‍රජන් කෙනෙක්ව අයින් කරල ස්ථායී වෙනවා. මේ අයින් කරන හයිඩ්‍රජන් නිසා වතුරෙ pH අගය අඩු වෙනව. වෙන විදියකට කියනවනං වතුර ආම්ලික වෙනවා. )
රාත්‍රී කාලයේ ක්‍රියාකාරී මේ මාළු වැඩිපුරම ගැවසෙන්නෙ පණුවො වැඩිපුර ඉන්න තැන්වල. පණුවො හිටියත් නැතත් මේ මාළු pH අගය අඩු තැන්වලට පහර දෙනව.
" මේ මාළු හරියට පීනන pH මීටර වගේ. මෙයාල ලැබ් එකේ තියෙන pH මීටර්වලට සමානයි. " මෙහෙම කියන්නෙ ජපානෙ කාගොෂිමා විශ්ව විද්‍යාලෙ මේ මාළු ගැන පරීක්ෂණ පවත්වන මහාචාර්ය ජෝන් කැප්රියෝ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment