Monday, January 29, 2018

Mobitel Time Packages

අද කියන්න යන්නෙ මොබිටෙල් සමාගම ළඟදිම හඳුන්වාදීපු සේවාවක් ගැන.

මොබිටෙල් Time Based Packages කියන්නෙ ලොකු කාලෙක ඉඳන් ගොඩ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ඒකට ප්‍රධාන හේතුව වුනේ ඩයලොග් සමාගමේ Time Based Packages වල යම් යම් අඩුපාඩුකම් තිබීම.

ගොඩ දෙනෙක් මැසිවිලි නගන්නෙ ඩයලොග් Time Packages පාඩුයි, ඩයලොග් සිග්නල් නෑ, වගේ කාරණා ගැන. විශේෂයෙන් ඩයලොග් 4G සිම්පත් හිමියන්ට මෙම සේවාව ලබාගැනීමට නොහැකිවීමත් විශාල අඩුපාඩුවක්.


නමුත් මොබිටෙල් සමාගම ඉහත අඩුපාඩු මගහැරගැනීමට වගබලාගෙන තිබෙනවා. 4G සිම්පත් හිමියන්ට පවා මෙම සේවාව ලබාගැනීමට ඇති හැකියාව නිසා සැලකියයුතු තරම් දත්ත ප්‍රමාණයක් බාගත කරගැනීමට ඇති හැකියාව විශේෂයෙන් සඳහන් කරන්න ඕන.


Packages Activate කරගැනීම සඳහා උපදෙස්

සාමාන්‍ය කරමයට SMS මගින් හෝ අංකයක් Dial කර හෝ සේවාව ලබාගන්නවාට වඩා මෙම සේවාව ලබාගන්න එක හාත්පසින්ම වෙනස්. ඒ සඳහා වෙනම ඇප් එකක් Play Store එකේ තියෙනව.

පළමුව Play Store වෙත පිවිස Datamart නමැති ඇප් එක Install කරගන්න ඕන. Install වුනාට පස්සෙ ඇප් එක Open කරල Time Based කියන Option එකට ගිහින් තමයි Packages Activate කරගන්න තියෙන්නෙ.

01) 30 Minutes - Active කරන්න රු.20.00 + බදු ( රු.6.00 ) අයවෙනව. වලංගු කාලය දවසයි.
02) 03 Hours - Active කරන්න රු.60.00 + බදු ( රු.12.00 ) අයවෙනව. වලංකු කාලය දවස් තුනයි.
03) 05 Hours - Active කරන්න රු.95.00 + බදු අයවෙනව. වලංගු කාලය දවස් පහයි.
04) 12 Hours - Active කරන්න රු.199.00 + බදු අයවෙනව. වලංගු කාලය දවස් පහයි.
05) 24 Hours - Active කරන්න රු.389.00 + බදු අයවෙනව. වලංගු කාලය දවස් හතයි.

විශේෂයෙන් කියන්න ඕන පැය තුන හෝ ඊට වඩා ලොකු Packages තමයි ලාභ. මොකද මිනිත්තු 30 Package එකෙන් ලොකු දත්ත ප්‍රමාණයක් බාගන්න එක ටිකක් අමාරුයි.

ඇප් එක Install කරන්නයි Packages Active කරන්නයි අමාරු අය මේ කෙටි වීඩියෝ එක බලන්න.

ඇප් එක Install කරගන්න මේ ලින්ක් එකට යන්න.

Sunday, January 28, 2018

පොත පත කියවීම සහ නින්ද

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කියවීම මිනිසාට නිදිමත ඇතිකරයි කිව්වොත්, ඒ ගැන අපි හැමෝටම අත්දැකීම් තියෙනව. ඔබත් විවේක වෙලාවට පොත් කියවන්නෙක්නම් ඒ ගැන ඉතාමත්ම හොඳ අත්දැකීමක් ඇති.


එහෙම වෙන්නෙ ඇයි කියල විද්‍යාත්මක ඇසින් බැලුවොත් කරුණු කාරණා කීපයක් පැහැදිළි වෙනව.

සාමාන්‍යයෙන් යමක් කියවනකොට,

1) අපි හොඳ පහසු ඉරියව්වකින් ඉඳගෙන තමයි ඒක කරන්නෙ. ගොඩක් වෙලාවට ඉඳගෙන හෝ සාමාන්‍ය විදිහට ඇල වෙලා.

2) සාමාන්‍යයෙන් අපි තෝරගන්නෙ නිහඬ, නිස්කලංක තැනක්.

3) ගොඩක් වෙලාවට කාර්‍යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්නම් කියවීම කරන්නෙ දවසෙ අවසානයේ.

4) අපට ඒ කියවන දේ ගැන ආසාවක් ඇතිවුනොත් ක්‍රම ක්‍රමයෙන් බාහිර ලෝකෙ ගැන අවධානෙ අඩුවෙලා කියවන දේ ගැන ලොකු අවධානයක් එනව. අපිට තියෙන ප්‍රශ්ණ, කරදර, පීඩාකාරී දේවල් සේරම මොහොතකට අමතක වෙනව. සරළවම කිව්වොත් අපි සන්සුන් වෙනව, සැහැල්ලු වෙනව.

මේ හැම කාරණාවකම අවසාන ප්‍රතිඵලය තමයි නිදිමත ස්වභාවය.

ඊට අමතරව කියවන දේ ගැන ආසාවක් නැතිනම්, කියවන දේ තේරෙන්නෙ නැතිනම්, එපාවෙන ගතියක් දැනෙනවනම්, ඒකෙත් අවසාන ප්‍රතිඵලය නිදිමත ගතිය.

බිත්තර කහමදය ඇතැම්විට ලා අළු පැහැයක් ගන්නේ ඇයි ??

ඔයාල ගොඩක් වෙලාවට දැකල ඇති තම්බපු බිත්තරවල කහ මදය සමහර වෙලාවට ලා කහ පාටයි, තවත් වෙලාවකට තද කහ පාටයි, තවත් වෙලාවකට ලා අළු පාටයි.

බිත්තරයක සුදු මදයේ සීයයට අනූ දෙකක්ම තියෙන්නෙ ජලය. එකිනෙකට වෙනස් ප්‍රෝටීන වර්ග 148ක් මේ ජලය එක්ක දියවෙලා තියෙනව. ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රෝටීන ආකාර වන්නේ ඕවැල්බියුමීන්, ඕවොට්‍රාන්ස්ෆරින්, ඕවොමියුකොයිඩ්.

කාමර උෂ්ණත්වයේදී මේ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල, සල්ෆර් බන්ධන මගින් එකිනෙකට බැඳීම නිසා ගෝලාකාර ත්‍රිමාණ ව්‍යූහයක් තියෙනව. නමුත් බිත්තරය තම්බනවිට ඉහත සල්ෆර් බන්ධන බිඳ වැටී ප්‍රෝටීන අණු නිදහස් වී එකෙනෙකා සමග අවුල් ජාලයක් මෙන් පැටලීම සිදුවෙනව. ඕවැල්බියුමීන් සඳහා මෙම ක්‍රියාව 77°C උෂ්ණත්වයේදී සිදුවෙනව.

එමෙන්ම 70°C වඩා වැඩි උෂ්ණත්වයේදී සල්ෆර් හයිඩ්‍රජන්-සල්ෆයිඩ් සෑදීම සිදුකරන අතර එම හයිඩ්‍රජන්-සල්ෆයිඩ් බිත්තර කහ මදයේ ඇති යකඩ සමග ප්‍රතික්‍රියා කර අයන්-සල්ෆයිඩ් සාදනව. මෙම අයන්-සල්ෆයිඩ් හේතුවෙන් බිත්තර කහ මදයට ලා අළු පැහැයක් ලැබෙනව.

කොහොම වුනත් මේ ක්‍රියාව නවත්තන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනව. එහෙම කරන්නනම් බිත්තරය තම්බපු ගමන්ම සීතල වතුර එකකට දාන්න ඕන. එහෙම කරොත් ඔයාලට කහ පාට හෝ ලා කහ පාට හෝ කහ මදයක් තියෙන බිත්තර බලාගන්න පුළුවන් වෙයි.