Sunday, January 28, 2018

පොත පත කියවීම සහ නින්ද

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කියවීම මිනිසාට නිදිමත ඇතිකරයි කිව්වොත්, ඒ ගැන අපි හැමෝටම අත්දැකීම් තියෙනව. ඔබත් විවේක වෙලාවට පොත් කියවන්නෙක්නම් ඒ ගැන ඉතාමත්ම හොඳ අත්දැකීමක් ඇති.


එහෙම වෙන්නෙ ඇයි කියල විද්‍යාත්මක ඇසින් බැලුවොත් කරුණු කාරණා කීපයක් පැහැදිළි වෙනව.

සාමාන්‍යයෙන් යමක් කියවනකොට,

1) අපි හොඳ පහසු ඉරියව්වකින් ඉඳගෙන තමයි ඒක කරන්නෙ. ගොඩක් වෙලාවට ඉඳගෙන හෝ සාමාන්‍ය විදිහට ඇල වෙලා.

2) සාමාන්‍යයෙන් අපි තෝරගන්නෙ නිහඬ, නිස්කලංක තැනක්.

3) ගොඩක් වෙලාවට කාර්‍යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්නම් කියවීම කරන්නෙ දවසෙ අවසානයේ.

4) අපට ඒ කියවන දේ ගැන ආසාවක් ඇතිවුනොත් ක්‍රම ක්‍රමයෙන් බාහිර ලෝකෙ ගැන අවධානෙ අඩුවෙලා කියවන දේ ගැන ලොකු අවධානයක් එනව. අපිට තියෙන ප්‍රශ්ණ, කරදර, පීඩාකාරී දේවල් සේරම මොහොතකට අමතක වෙනව. සරළවම කිව්වොත් අපි සන්සුන් වෙනව, සැහැල්ලු වෙනව.

මේ හැම කාරණාවකම අවසාන ප්‍රතිඵලය තමයි නිදිමත ස්වභාවය.

ඊට අමතරව කියවන දේ ගැන ආසාවක් නැතිනම්, කියවන දේ තේරෙන්නෙ නැතිනම්, එපාවෙන ගතියක් දැනෙනවනම්, ඒකෙත් අවසාන ප්‍රතිඵලය නිදිමත ගතිය.

No comments:

Post a Comment