අද කියන්න යන්නෙ මොබිටෙල් සමාගම ළඟදිම හඳුන්වාදීපු සේවාවක් ගැන.
මොබිටෙල් Time Based Packages කියන්නෙ ලොකු කාලෙක ඉඳන් ගොඩ දෙනෙක් බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්. ඒකට ප්‍රධාන හේතුව වුනේ ඩයලොග් සමාගමේ Time Based Packages වල යම් යම් අඩුපාඩුකම් තිබීම.
ගොඩ දෙනෙක් මැසිවිලි නගන්නෙ ඩයලොග් Time Packages පාඩුයි, ඩයලොග් සිග්නල් නෑ, වගේ කාරණා ගැන. විශේෂයෙන් ඩයලොග් 4G සිම්පත් හිමියන්ට මෙම සේවාව ලබාගැනීමට නොහැකිවීමත් විශාල අඩුපාඩුවක්.
නමුත් මොබිටෙල් සමාගම ඉහත අඩුපාඩු මගහැරගැනීමට වගබලාගෙන තිබෙනවා. 4G සිම්පත් හිමියන්ට පවා මෙම සේවාව ලබාගැනීමට ඇති හැකියාව නිසා සැලකියයුතු තරම් දත්ත ප්‍රමාණයක් බාගත කරගැනීමට ඇති හැකියාව විශේෂයෙන් සඳහන් කරන්න ඕන.
Packages Activate කරගැනීම සඳහා උපදෙස්
සාමාන්‍ය කරමයට SMS මගින් හෝ අංකයක් Dial කර හෝ සේවාව ලබාගන්නවාට වඩා මෙම සේවාව ලබාගන්න එක හාත්පසින්ම වෙනස්. ඒ සඳහා වෙනම ඇප් එකක් Play Store එකේ තියෙනව.
පළමුව Play Store වෙත පිවිස Datamart නමැති ඇප් එක Install කරගන්න ඕන. Install වුනාට පස්සෙ ඇප් එක Open කරල Time Based කියන Option එකට ගිහින් තමයි Packages Activate කරගන්න තියෙන්නෙ.
01) 30 Minutes - Active කරන්න රු.20.00 + බදු ( රු.6.00 ) අයවෙනව. වලංගු කාලය දවසයි.
02) 03 Hours - Active කරන්න රු.60.00 + බදු ( රු.12.00 ) අයවෙනව. වලංකු කාලය දවස් තුනයි.
03) 05 Hours - Active කරන්න රු.95.00 + බදු අයවෙනව. වලංගු කාලය දවස් පහයි.
04) 12 Hours - Active කරන්න රු.199.00 + බදු අයවෙනව. වලංගු කාලය දවස් පහයි.
05) 24 Hours - Active කරන්න රු.389.00 + බදු අයවෙනව. වලංගු කාලය දවස් හතයි.
විශේෂයෙන් කියන්න ඕන පැය තුන හෝ ඊට වඩා ලොකු Packages තමයි ලාභ. මොකද මිනිත්තු 30 Package එකෙන් ලොකු දත්ත ප්‍රමාණයක් බාගන්න එක ටිකක් අමාරුයි.
ඇප් එක Install කරන්නයි Packages Active කරන්නයි අමාරු අය මේ කෙටි වීඩියෝ එක බලන්න.
ඇප් එක Install කරගන්න මේ ලින්ක් එකට යන්න.
No comments:
Post a Comment