Black Ghost
Monday, January 29, 2018
Mobitel Time Packages
Sunday, January 28, 2018
පොත පත කියවීම සහ නින්ද
කියවීම මිනිසා සම්පූර්ණ කරයි. කියවීම මිනිසාට නිදිමත ඇතිකරයි කිව්වොත්, ඒ ගැන අපි හැමෝටම අත්දැකීම් තියෙනව. ඔබත් විවේක වෙලාවට පොත් කියවන්නෙක්නම් ඒ ගැන ඉතාමත්ම හොඳ අත්දැකීමක් ඇති.

එහෙම වෙන්නෙ ඇයි කියල විද්‍යාත්මක ඇසින් බැලුවොත් කරුණු කාරණා කීපයක් පැහැදිළි වෙනව.
සාමාන්‍යයෙන් යමක් කියවනකොට,
1) අපි හොඳ පහසු ඉරියව්වකින් ඉඳගෙන තමයි ඒක කරන්නෙ. ගොඩක් වෙලාවට ඉඳගෙන හෝ සාමාන්‍ය විදිහට ඇල වෙලා.
2) සාමාන්‍යයෙන් අපි තෝරගන්නෙ නිහඬ, නිස්කලංක තැනක්.
3) ගොඩක් වෙලාවට කාර්‍යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක්නම් කියවීම කරන්නෙ දවසෙ අවසානයේ.
4) අපට ඒ කියවන දේ ගැන ආසාවක් ඇතිවුනොත් ක්‍රම ක්‍රමයෙන් බාහිර ලෝකෙ ගැන අවධානෙ අඩුවෙලා කියවන දේ ගැන ලොකු අවධානයක් එනව. අපිට තියෙන ප්‍රශ්ණ, කරදර, පීඩාකාරී දේවල් සේරම මොහොතකට අමතක වෙනව. සරළවම කිව්වොත් අපි සන්සුන් වෙනව, සැහැල්ලු වෙනව.
මේ හැම කාරණාවකම අවසාන ප්‍රතිඵලය තමයි නිදිමත ස්වභාවය.
ඊට අමතරව කියවන දේ ගැන ආසාවක් නැතිනම්, කියවන දේ තේරෙන්නෙ නැතිනම්, එපාවෙන ගතියක් දැනෙනවනම්, ඒකෙත් අවසාන ප්‍රතිඵලය නිදිමත ගතිය.
බිත්තර කහමදය ඇතැම්විට ලා අළු පැහැයක් ගන්නේ ඇයි ??
ඔයාල ගොඩක් වෙලාවට දැකල ඇති තම්බපු බිත්තරවල කහ මදය සමහර වෙලාවට ලා කහ පාටයි, තවත් වෙලාවකට තද කහ පාටයි, තවත් වෙලාවකට ලා අළු පාටයි.
බිත්තරයක සුදු මදයේ සීයයට අනූ දෙකක්ම තියෙන්නෙ ජලය. එකිනෙකට වෙනස් ප්‍රෝටීන වර්ග 148ක් මේ ජලය එක්ක දියවෙලා තියෙනව. ප්‍රධාන වශයෙන් තියෙන ප්‍රෝටීන ආකාර වන්නේ ඕවැල්බියුමීන්, ඕවොට්‍රාන්ස්ෆරින්, ඕවොමියුකොයිඩ්.
කාමර උෂ්ණත්වයේදී මේ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල, සල්ෆර් බන්ධන මගින් එකිනෙකට බැඳීම නිසා ගෝලාකාර ත්‍රිමාණ ව්‍යූහයක් තියෙනව. නමුත් බිත්තරය තම්බනවිට ඉහත සල්ෆර් බන්ධන බිඳ වැටී ප්‍රෝටීන අණු නිදහස් වී එකෙනෙකා සමග අවුල් ජාලයක් මෙන් පැටලීම සිදුවෙනව. ඕවැල්බියුමීන් සඳහා මෙම ක්‍රියාව 77°C උෂ්ණත්වයේදී සිදුවෙනව.
එමෙන්ම 70°C වඩා වැඩි උෂ්ණත්වයේදී සල්ෆර් හයිඩ්‍රජන්-සල්ෆයිඩ් සෑදීම සිදුකරන අතර එම හයිඩ්‍රජන්-සල්ෆයිඩ් බිත්තර කහ මදයේ ඇති යකඩ සමග ප්‍රතික්‍රියා කර අයන්-සල්ෆයිඩ් සාදනව. මෙම අයන්-සල්ෆයිඩ් හේතුවෙන් බිත්තර කහ මදයට ලා අළු පැහැයක් ලැබෙනව.
කොහොම වුනත් මේ ක්‍රියාව නවත්තන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනව. එහෙම කරන්නනම් බිත්තරය තම්බපු ගමන්ම සීතල වතුර එකකට දාන්න ඕන. එහෙම කරොත් ඔයාලට කහ පාට හෝ ලා කහ පාට හෝ කහ මදයක් තියෙන බිත්තර බලාගන්න පුළුවන් වෙයි.
Sunday, January 22, 2017
සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 03
Sunday, January 15, 2017
සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 02
ඒ තාරා හොට ප්ලැටිපස් කියලත් මතක ඇති.
Thursday, January 5, 2017
සත්ත්ව ලෝකයේ අසාමාන්‍ය හැකියා 01
ජපාන මුහුදු කැට්ෆිෂ්ල කදිම උපක්‍රමයක් පාවිච්චි කරනව අඳුරු, අපහැදිලි වතුරෙ ඉන්න ගොදුරු අල්ල ගන්න. එහෙම කරන්නෙ pH අගය පාවිච්චි කරල. ජිවත් වෙන ගොදුරක් හොයා ගන්න pH අගය පාවිච්චි කරන වෙන කිසිම මාළුවෙක් ගැන වාර්තාවක් මෙතෙක් නෑ.
මුහුදු පණුවො හුස්ම ගන්නකොට පිටකරන ඒ ඉතා කුඩා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිසා pH අගයෙ සිද්දවෙන වෙනස්වීම්වලට මේ කැට්ෆිෂ් මාළුවෝ ප්‍රතිචාර දක්වනව. ( ඒක වෙන්නෙ මෙහෙමයි. හුස්ම පිටකරද්දි කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවෙනව. මේ කාබන් ඩයොක්සයිඩ් වතුරෙ දිය උනාම කාබනික අම්ලය හැදෙනව. මේ කාබනික අම්ලය බොහොම අස්ථායී. එයා බලන්නෙම ස්ථායී වෙන්න. ඉතිං එයා එක හයිඩ්‍රජන් කෙනෙක්ව අයින් කරල ස්ථායී වෙනවා. මේ අයින් කරන හයිඩ්‍රජන් නිසා වතුරෙ pH අගය අඩු වෙනව. වෙන විදියකට කියනවනං වතුර ආම්ලික වෙනවා. )
රාත්‍රී කාලයේ ක්‍රියාකාරී මේ මාළු වැඩිපුරම ගැවසෙන්නෙ පණුවො වැඩිපුර ඉන්න තැන්වල. පණුවො හිටියත් නැතත් මේ මාළු pH අගය අඩු තැන්වලට පහර දෙනව.
" මේ මාළු හරියට පීනන pH මීටර වගේ. මෙයාල ලැබ් එකේ තියෙන pH මීටර්වලට සමානයි. " මෙහෙම කියන්නෙ ජපානෙ කාගොෂිමා විශ්ව විද්‍යාලෙ මේ මාළු ගැන පරීක්ෂණ පවත්වන මහාචාර්ය ජෝන් කැප්රියෝ.